ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින පුහුණු තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත්ව සිටියි.
තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (16) තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 122ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 47ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව තරගයේ ජය තමන් සතු කර ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 75ක් පමණි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 139ක් පමණි.
ඊට පිළිතුරු ලෙස ලයන්ස් කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 324ක් රැස්කළේය.
ඒ අනුව ලකුණු 185ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹීමට ශ්‍රී ලංකාව කණ්ඩායම දෙවැනි ඉනිමට සියල්ලන් දැවී ලකුණු 306ක් රැස්කිරීමට සමත් විය.
එහිදී නිශාන් මධුෂ්ක (77), නායක ධනංජය ද සිල්වා (66) හා ඇන්ජලෝ මැතිව්ස් (51) අර්ධ ශතක රැස්කරමින් ශ්‍රි ලංකා ඉනිමට ශක්තියක් එක් කළහ.
කෙසේ වෙතත් පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිකරන විලාශය හේතුවෙන් මේ වන විට තරගයේ වැඩි වාසි එංගලන්ත ලයින්ස් කණ්ඩායමට හිමිව ඇත.



රවී කරුණානායකට අධිකරණයෙන් දුන් නියෝගය
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්
අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
22ට එරෙහිව මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙකුගෙන් පෙත්සමක්