අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේ ඊයේ (02) සැමියා විසින් සිය බිරිඳට නිවුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පසුව ඔහු පොලිස් ස්ථානයට පැමිණ ඇති බව අවිස්සාවේල්ල පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 43ක්වන දිවුරුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්
මරණකාරිය සහ සැකකරු අතර පැවති පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඝාතනය සම්බන්ධ සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ
අද කාලගුණ නිවේදනය
ශ්රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්