Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට

7 minutes ago

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, තමන්ව තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසාධාරණ සහ අවිධිමත් ලෙස ඉවත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ ක්‍රිකට් අතුරු කමිටුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව 2025 දෙසැම්බර් 17 වන දින වසර දෙකක කාලයක් සඳහා තමන්ව මෙම ධුරයට පත් කළ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන/අතුරු පාලක කමිටුව විසින් කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ නිසි ක්‍රියාපටිපාටියකින් තොරව සිය පත්වීම නියමිත කාලයට පෙර හදිසියේ අවසන් කර ඇති බවටයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.

තමන් සිය අනෙකුත් ව්‍යාපාරික හා වෘත්තීය කටයුතු පසෙකලා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ බවත්, මෙලෙස හදිසියේ ධුරයෙන් ඉවත් කිරීම නිසා තමන්ට හිමිවිය යුතු වේතන අහිමි වී බරපතළ මූල්‍ය අලාභයක් මෙන්ම සිය වෘත්තීය කීර්තිනාමයට සහ විශ්වසනීයත්වයට දැඩි හානියක් සිදු වූ බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

ඉරාන් වික්‍රමරත්න ඇතුලු ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් 9 දෙනෙකු, ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *