Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ දැවැන්ත වැටුප් වැඩිවීමට අදාළව මුදල් ලබා දීමට ඇති හැකියාව පිළිබඳව භාණ්ඩාගාරය හා IMF සංවිධානය ප්‍රතිචාර දක්වයි

1 week ago 11.9 K

2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයින් විසින් භාරදී තිබේ. 

අදාළ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන බවත් සියලුදෙනාගේ ආදායම් වැඩිකර දීම සිය අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, සියලු නිර්දේශ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින එකඟතා ගිවිසුමෙහි කොන්දේසිවලට අනුකූල බවත් 2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවත් ය.

ඒ අනුව මූලික වැටුප් 24%  සිට 50%ත් 60%ත් දක්වා වූ පරාසයකින් වැඩිවීමට නියමිතය.

වැටුප් වැඩිවීමේ වාසිය විශ්‍රාමිකයන්ටත් හිමි වෙයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන බවත්, එම වාර්තාවේ නිර්දේශවල සඳහන් වන ආකාරයට සියලු දෙනාගේ ආදායම් වැඩිකර දීම තමන්ගේද අපේක්ෂාව වන බවත්ය.

රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන්  වූ විශේෂඥ කමිටුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විතව 2024 ජුනි 12 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලදි.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“2024 වසරේ සිදුවූ ආර්ථික දියුණුව සමඟ රාජ්‍ය අංශයේ වැටුප් සහ දීමනා ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අපේ අවධානය යොමු වුණා. ඒ අනුව මෙම නිර්දේශ අනුව ක්‍රියා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මෙමගින් බලාපොරොත්තු වන්නේ අදාළ කමිටු වාර්තාවෙන් යෝජනා කර තිබෙන අන්දමට සියලුදෙනාගේ ආදායම් වැඩිකර දීමටයි.”

මෙහිදී අදහස් දැක්වූ කමිටු සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා,

“සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් අප විසින් සකස් කළා. විශේෂයෙන් මූලික වැටුප 24% සිට 50%ත් 60% දක්වා වු පරාසයකින් වැඩි වෙනවා. ආරම්භක වැටුප රුපියල් 30,000ක් ලෙස මෙයට පාදක කරගත් අතර, 1 ට 6 යන අනුපාතය අනුව මෙම මූලික වැටුප සංශෝධනය කෙරෙනවා. ඒ අනුව  මිලියන 1.5කට ආසන්න රාජ්‍ය සේවකයන් සහ එයට අනුරූපීව විශ්‍රාමිකයින්ටත් මෙම වැටුප් වැඩිවීමේ වාසිය ලබාදීම සඳහා රාජ්‍ය සේවකයන්ට වගේම විශ්‍රාමිකයන්ටත් ලබාදෙන ජීවන වියදම් දීමනාව 50%ක් ලබාදීමට නිර්දේශ කළා.”

“මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙම වැඩපිළිවෙළ 2025 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *