Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්ධන අර්බුදයට පිළියම් යොදන ගම්මන්පිලගේ යෝජනා දහය

2 years ago 102

පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා පිවිතුරු හෙළ උරුමය යෝජනාවලියක් සකස් කර ඇති බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

*අදාළ යෝජනාවලිය පහතින්*

*එන්ජින් ධාරිතාව 2,000 CC ට වැඩි කාර් සහ ජීප් භාවිතය තාවකාලික නතර කිරීම.

*කෙටි දුර ධාවනයට ආසන රහිත බස් රථ හඳුන්වා දිය යුතුයි.

*කෙටි දුර ධාවනය සඳහා බයිසිකලය ජනප්‍රිය කළ යුතුයි.

*සඳුදා, බදාදා, සිකුරාදා කාර්යාලයට පැමිණ වැඩ කර අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා නිවසේ සිට වැඩ කිරීම.

*පාසල් අධ්‍යාපනය සඳහාද දවස් තුනක් පාසල් පවත්වා අනෙක් දවස් දෙක ZOOM යෙදුම ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීම.

*සියලුම රාජ්‍ය සේවකයින් ඔවුන්ගේ නිවාස ආසන්නයේ පිහිටි කාර්යාල වෙත මාරු කිරීම.

*සියලුම පුද්ගලික ආයතන zoom හෝ වෙනත් මාර්ගගත වේදිකා හරහා රැස්වීම් පැවැත්වීම.

*මාර්ග තදබදය අවම කිරීම සඳහා වෙනත් ජාතීන්ට සමාන නම්‍යශීලී රාජකාරි වේලාවන් හඳුන්වාදීම.

*බයිසිකල් පැදීම ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහනක් හඳුන්වා දීම

*පාසල් යාමට නොහැකි දරුවන්ට Zoom හෝ මාර්ගගත වේදිකා හරහා පන්තියට පැමිණීමට අවස්ථාව සලසා දීම.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *