පසුගිය අගොස්තු මස සිට විශ්‍රාමිකයින්ට හිමි විය යුතුව ඇති රු. 3000 ක මුදල අහිමි කිරීම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදු කළ බලවත් අසාධාරණයක් බව මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසනවා.
ඇය මේ බව පැවසුවේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්.
එම නිවේදනයේ ඇය සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය හේතුවෙන් යැයි පවසමින්, මැතවරණ කොමිසම විසින් අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස තුනේ රු. 9000 මුදලක් විශ්‍රාමිකයින්ට අහිමි වී ඇති බවයි.
ඔක්තෝබර් මස විශ්‍රාම වැටුප සමඟ අදාල මුදල් ලබා දෙන බව පැවසූ නමුත් එම මුදල් මෙවර විශ්‍රාම වැටුප් දිනයේ ද, ගෙවීමට රජය පියවර ගෙන නොමැති අතර මහා මැතිවරණය අවසන් වන තුරු එම මුදල ගෙවීම අත්හිටුවන්නේ නම්, මාස හතරක වැඩිකල වැටුප, රු. 12,000 ක් විශ්‍රාමිකයින්ට අහිමි වන බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
එපමණක් ද නොව, මහා මැතිවරණය අවසානයේ දී, පළාත් පාලන මැතිවරණය කැඳවනු ලබන්නේ නම්, තවත් මාස තුනකට පමණ විශ්‍රාමිකයින්ට තමන්ට හිමි විය යුතු මුදල නොලැබී යාමේ අවදානමක් පවතින බව ඇය සිය නිවේදනය මගින් අවධාරනය කර සිටියා.
රජය පොහොර සහනාධාරය, ඉන්ධන සහනාධාරය, නොමිලේ පොහොර බෙදීම සහ අනෙකුත් සහන ව්‍යාපෘති සියල්ල මේ වන විට අඛණ්ඩව පවත්වාගෙන යයි. එසේ තිබිය දී, විශ්‍රාමිකයින්ට ගෙවනු ලබන සොච්චම් දීමනාව පමණක් කපා දැමීම අවසනාවන්ත තත්වයකි.


රු. 35,000ක අල්ලසක් ගත් සනීපාරක්ෂක කම්කරුවෙකු අත්අඩංගුවට
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තරුණියක් පැහැර ගැනීමට තැත් කළ ඥාති සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට
වින්දනීය අත්දැකීමක් එක් කළ TVS RONIN Ride එක
ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වා දුන් නවතම ‘TVS Ronin’ යතුරුපැදිය (ඡායාරූප)
අධිවේගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල ගැන ජනපති දුන් ඉඟිය
ප්‍රධාන පාසලක් තුළ පිහි ඇනුමක්! සිසුන් 5ක් රෝහලට!
කපිලට ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි
අටමස්ථානාධිපති හිමි ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න නිෂ්පාදිත සමාගමට යොමු කිරීමට අවසර
ගෙවී ගිය පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කැස්බෑවට