ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ නාමල් රාජපක්ෂ ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් නොවන බවට ඉගි පළ වී ඇත.
ඒ වෙනුවට නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවන් පාර්ලිමේන්තුවට පිවිසීමට සැලසුම් කර ඇතැයි දේශපාලන ලෝකයේ කතාබහක් නිර්මාණය වෙමින් පවතී.
මෙම කතාබහ තහවුරු කරමින් රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක ඊයේ පොදුජන පෙරමුණු මුලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව සඳහන් කරන ලද්දේ, නාමල් රාජපක්ෂ ඉදිරි මහමැතිවරණයේදී සමස්ත රටම ආවරණය කරමින් ප්රචාරක කටයුතුවල නිරතවීමට අපේක්ෂා කරන බැවින්, මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන දිස්ත්රික්කයකින්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ නාමල් රාජපක්ෂ මහතා එක් දිස්ත්‍රික්කයකට සීමා නොවී රට වෙනුවෙන් සිය යුතුකම් ඉටු කිරීමට සූදානම් බවයි.


නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ