හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා කෙනෙක් බව කියන මහනුවර ප්‍රධාන පෙලේ වාහන අලෙවිසැලක හිමිකරුවෙකුගේ පුත්‍රයෙකුගේ නිවසක තිබී ලියාපදිංචි නොකළ නවීන මෝටර් රථයක් සහ ජීප් රථයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ 1997 අංකයට ලැබුණු තොරතුරකට අනුව එම රථවාහන සොයාගත් බවත් එම නිවැසියන්ට එම වාහනවල කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවත් ය.
වාහන ගාල්කර තිබූ නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මෝටර් රථ දෙක පොලීසිය භාරයට ගත් බව සඳහන් ය.
මේ අතර හිටපු අමාත්‍යවරයාගේ බෑණා බව කියන ගයාන් සේරම් ඊයේ (21) නීතිඥවරයෙක් සමග බම්බලපිටිය පොලීසියට ගොස් චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ තමා මෙම වංචාවට සම්බන්ධ බවට ඔප්පු කළහොත් තමා දේශපාලනයෙන් සමුගන්නා බවයි.
ඔහුගේ හිතවතුන් සිදු කරනා වැරදිවල වගකීම තමාට බාර ගැනීමට නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා


පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්