අද (23) අලුයම් කාලයේ දී රත්මලාන දුම්රිය අංගනයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, දුම්රිය අංගනයට දේපල සොරකම් කිරීමට ඇතුළුවූ පුද්ගලයින් පස් දෙනෙකු එහි ආරක්ෂක රාජකාරී යෙදී සිටි දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුට පහරදී තුවාල සිදුකර ඇති බවය.
එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම සැකකරුවන්ට වෙඩි තැබීමක් සිදුකර ඇත.
එම වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර අනෙක් සැකකරුවන් පළා ගොස් තිබේ.
සැකකරුවන් විසින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දුම්රිය ආරක්ෂක නිලධාරියා සහ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්