නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන්, දැනට පුරප්පාඩු වී පවතින මන්ත්‍රී ධූරය පිරවීම තවත් මාස තුනකටවත් සිදු නොවන බව එම පෙරමුණේ ප්‍රබලයෙකු උපුටා දක්වමින්, සති අන්ත මව්බිම පුවත්පත වාර්තා කරයි.
නව ප්‍රජාත්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධූරයක් සඳහා මේ වන විටත් රවී කරුණානායක මහතාව පත් කර තිබේ.
ඉතිරි වී තිබෙන අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කාංචන විජේසේකර, දිනේෂ් ගුණවර්ධන, නිමල් ලංසා, ෆයිසර් මුස්තාෆා වැනි පුද්ගලයින් පත් කරන ලෙස විවිධ ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, පුවත්පත වාර්තාකරන ආකාරයට, ඔවුන් කිසිවෙකුට එම මන්ත්‍රී ධූරය හිමි නොවනු ඇත.
ඉතිරිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයටද එජාප ප්‍රබලයෙකු පත් කිරීමට නියමිත බවයි සති අන්ත මව්බිම පුවත්පත වාර්තා කරන්නේ.
ඒ අනුව බොහෝ දුරට එසේ පත් කිරීමට නියමිතව ඇත්තේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාම වීමේ ඉඩක් පවතින බවද ප්‍රකාශ කරයි.

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ