අනුරාධපුර ඉන්ධනහලක වාහන වෙනුවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා ලබාදෙන ටෝකන් එක ලබාදීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියක විසින් රාජකාරියෙන් බාහිරව කටයුතු කිරීම හේතුවෙන් පොලීසිය සහ මහජනතාව අතර දැඩි උණුසුම් තත්වයක් හටගැනුනි.
අනුරාධපුර ගුවන්තොටුපල පාරේ පිහිටි ඉන්ධනහලක අද (28) උදෑසන සිට වාහන වෙනුවෙන් ටෝකන් ලබාදීම සිදුවූ අතර එහිදී යතුරුපැදි , කාර්රථ සහ ත්‍රී රෝදරථ විශාල ප්‍රමාණයක් පොලීමේ සිට ටෝගන් ගැනීම සිදුවිය.
මේ අතරවාරයේ ටෝකන් ලබාදෙමින් සිටි පොලිස් නිලධාරිනියික් ලියන ලද ටෝකන් කිහිපයක් සඟවා තිබෙනු ටෝකන් ලබාගැනීමට පැමිණි අයෙකු දැක එම ටෝකන් ගැනීමට යාමේදී එම ටෝකන් ඉරා දැමීමට පියවර ගැනීමත් සමග මෙම තත්වය හටගෙන තිබුණි.
එහිදී අසල සිටි ඉන්ධන වෙනුවෙන් ටෝකන් ලබාගැනීමට පැමිණි ජනතාවගෙන් පොලීසියට දැඩි විරෝධයක් එල්ල වූ අවස්ථාවේදී යුදහමුදාව තත්වය පාලනය කල අතර පොලීසියට ඉන්ධනහලෙන් ඉවත්වන ලෙස ජනතාව දැඩි විරෝධයක් එල්ලකරන ලදි.
පසුව අනුරාධපුර මූලස්ථාන පොලීසියේ සහ රථවහාන අංශ භාර ඉහල නිලධාරීන් පිරිසක් පැමිණ අදාල කාන්තා පොලිස් නිලධාරිනිය රැගෙන යාමට කටයුතු කිරීමේදී පොලීසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක් හටගත් අතර යුද හමුදාවේ මැදිහත්වීමෙන් තත්වය පාලනය කරන ලදි.
පසුව යුදහමුදාව විසින්ම වාහන වෙනුවෙන් ටෝකන් ලබාදීම සිදුකරන ලදි.
-වන්නි රොමේෂ් මධුෂංඛ-
source – lankacnews

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි