Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විෂ එන්නත් කර කාන්තාවක් මරලා! දික්වැල්ල කැළඹූ සිද්ධියේ CCTV දර්ශන හමුවෙයි!

2 years ago

විෂ එන්නත් කර 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

‘අද දෙරණ’ වාර්තා කර ඇති ආකාරයට, මියගිය කාන්තාවගේ ඥාතීන් පවසන්නේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන පසුබිමක මෙම මරණය සිදුවීම සැකසහිත බවය.

දික්වැල්ල වත්තේගම දකුණ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් විෂ සහිත එන්නතක් ශරීරගත වූ බව පවසමින් මාතර, බතීගම රෝහලට ඇතුළත් කර තිබුණේ දෙසැම්බර් 20 වනදා පස්වරුවේ දීය.

අනතුරුව තත්ත්වය බරපතළ වීම හේතුවෙන් මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යැවුණු ඇය දින 4ක් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) සවස මියගොස් තිබේ.

ඇයගේ ඥාතීන් පවසන්නේ, නාදුනන පුද්ගලයකු නිවසට පැමිණ ඇයට යම් විෂක් එන්නත් කර පලාගොස් ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය සිදුකළ විමර්ශනවලදී අදාළ නිවස අසල පිහිටි CCTV කැමරාවක දර්ශන පරීක්ෂා කර තිබිණි.

ඒ අනුව කිසියම් පුද්ගලයකු අදාළ කාන්තාව හමුවීමට පැමිණ නිවසට ඇතුළුවන ආකාරය එහි දැක්වෙයි.

මිනිත්තු කිහිපයකින් පසු නාඳුනන පුද්ගලයා සහ අදාළ කාන්තාව නිවස දෙසින් කලබලයෙන් පිටතට පැමිණෙන අයුරු නිරීක්ෂණය වෙයි.

කාන්තාව ගෙළ ප්‍රදේශය අල්ලාගෙන පාර මාරුවී අසල පිහිටි ඥාති නිවසකට දිවයන අතර විෂ එන්නත් කළ බව පැවසෙන පුද්ගලයා යතුරුපැදියෙන් පළායන ආකාරය ද CCTV දර්ශනවල ඇතුළත් ය.

සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දික්වැල්ල පොලිසිය පවසා ඇත්තේ, අදාළ කාන්තාවට විෂ එන්නත් කළ බව පැවසෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන මාතර අධිකරණයට අද (25) ඉදිරිපත් කළ පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවය.

මියගිය කාන්තාවගේ රුධිර සාම්පල රස පරීක්ෂක වාර්තා ලබාගැනීම සඳහා යොමුකර ඇති බව මාතර මහ රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *