උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ බොහෝ ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය හිඟයක් තිබුණත් උතුරු පළාතේ හාල්, පරිප්පු, කහ වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්දියානු මිලට ඕනෑතරම් මිලදී ගැනීමට ඇති බව එම ප්‍රදේශයේ ආරංචි මාර්ග පවසයි.
සහල් කිලෝවක් රුපියල් 70 ත් 100 ත් අතර මිලකටත්, පරිප්පු කිලෝවක් රුපියල් 350ත් 400ත් අතර මිලකටත්
කහ කිලෝවක් රුපියල් 1200 ත් 2000 ත් අතර මිලකටත් යාපනය හා මන්නාරම කේන්ද්‍රගතව අලෙවි වන බවද ආරක්ෂක අංශ විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
උතුරේ ධීවරයින් විසින් එම ආහාර ද්‍රව්‍ය මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයන්ගෙන් මිලදී ගන්නා බවත් ඒවා සූක්ෂම ලෙස ගෙනවිත් තැරවුකරුවන් හා ව්‍යාපාරිකයින් වෙත අලෙවි කරන බවටත් තොරතුරු ලැබී තිබේ.
ඉන්දීය ධීවරයින් ට්‍රෝලර් යාත්‍රා 1500 කින් පමණ සතියේ සඳුදා, බදාදා සහ සෙනසුරාදා දිනවල මෙරට මුහුදු සීමාවට සහ ආසන්න සීමාවට පැමිණෙන බවත් එම යාත්‍රා මගින් තොග පිටින් ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය වන බවත් වාර්තා වේ.
-අරුණ-

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි