Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරුවරුන් ලක්ෂයක් බැට කන ප්‍රශ්නයකට විසඳුම් ඉල්ලා ගුරු සංගම් මානව හිමිකම් කොමිසමට යයි

2 years ago

ගුරුවරුන් ලක්ෂයකගේ පමණ උසස්වීම් මේ වන විට නතර වී ඇතැයි ලංකා ගුරු සංගමය පවසනවා. 

එහි ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසුවේ වැටුප් විෂමතා ඇතුළු ගුරුවරුන්ගේ ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබා නොදීමට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජෝෂප් ස්ටාලින් මහතා,

“ගුරුවරුන්ට නව සේවා ව්‍යවස්ථාවක් ආවේ 2014 අවුරුද්දේ. ඒකෙන් ගුරුවරුන්ට හඳුන්වලා දුන්නා මොඩියුල ක්‍රමයක්. 247,000ක් ගුරුවරු ඉන්නවා. මෙයාලට ප්‍රායෝගිකව මේ මොඩියුල ක්‍රමය ක්‍රියාත්මක කරන්න බෑ කියලා අධ්‍යාපන අමාත්‍යංශය පත් කරපු කමිටු වාර්තාවක තියෙනවා.

මේ කමිටු වාර්තාව පදනම් කරගෙන රාජ්‍ය සේවා කොමිසමෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ගුරුවරුන්ව මේ මොඩියුල ක්‍රමයෙන් නිදහස් කරන්න කියලා.

දැන් තියෙන ප්‍රශ්නේ තමයි අධ්‍යාපන අමාත්‍යංශය 2023 වසරේ චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා ගුරුවරුන්ගේ උසස් වීම් සඳහා මොඩියුල වලංගුයි කියලා. මේක නිසා ගුරුවරුන් ලක්ෂයකට විතර උසස් වීම් අහිමිවෙලා තියෙනවා. ගුරුවරුන්ට සේවා ස්ථිර කිරීමට ක්‍රියාත්මක වෙන්නෙත් නෑ.

මේක බරපතළ ප්‍රශ්නයක්. ඒක නිසා මේ ගුරුවරුන්ගේ උසස් වීම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න කියලා අපි අවස්ථා ගණනාවකදී අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළා. ඒත් තවමත් තීරණයක් අරන් නෑ. දැන් අවුරුද්දකුත් ඉවරයි.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *