Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන දිනය පිළිබඳව ජනපතිගෙන් ප්‍රකාශයක්

2 years ago

ඉන්ධන මත පනවා ඇති බදු කඩිනමින් අඩු කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

බේරුවල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,

“ඩීසල්වලට ලොකු බද්දක් තියෙනවා. කට්ටිය කියනවා මේ බද්ද අයින් කරන්න බැරිද. බැහැ. තෙල් සංස්ථාව ණයයි ඩොලර් බිලියන 3ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 900ක්. ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 90,000ක්. දැන් ඒ ණය ඔක්කොම භාණ්ඩාගාරයට අරන් තියෙන්නේ.

දැන් තෙල් සංස්ථාව ණය නෑ. තෙල් සංස්ථාවෙන් ණය ඔක්කොම තියෙන්නේ භාණ්ඩාගාරයේ. තෙල් සංස්ථාවන් ණය තිබ්බේ ලංකා බැංකුවටයි, මහජන බැංකුවටයි. බැංකු දෙකට කිව්වා තෙල් සංස්ථාව ණයෙන් නිදහස් කරන්න ණය ඔක්කොම දෙන්න භාණ්ඩාගාරයට කියලා.

දැන් තෙල් සංස්ථාව විසින් භාණ්ඩාගාරයට ණයයි කෝටි 90,000ක්. දැන් මොකද කරලා තියෙන්නේ. විකුණන හැම තෙල් ලීටරයකටම ගාණක් දාලා තියෙනවා අර ණය ගෙවන්න. එහෙනම් ඒ බද්ධ අයින් කරන්න වෙන්නේ 90,000 ගෙවලා ඉවර වුණහම. අපි දැන් උත්සාහයක් ගනිමින් ඉන්නවා තෙල් ලීටරයකින් ගන්න බද්ද අඩු කරන්න. ණය ගෙවන්න සැලසුම් කරලා තියෙන කාලය වැඩි කරන්න තමයි සැලසුම.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *