Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ජනපති මහින්දගේ ජීවිත කතාව කතාව ඇසුරින් චිත්‍රපටයක්! ඔබටත් රංගනයෙන් දායක වීමට අවස්ථාවක්!

1 year ago

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව ඇසුරින් සිනමා පටයක් නිර්මාණය කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

‘Thawthisa Pictures’ වෙනුවෙන් මොහාන් පෙරේරා විසින් නිෂ්පාදනය කරන මෙම සිනමා පටයේ වැඩකටයුතු සඳහා ඉන්දියානු තාක්ෂණික ශිල්පීන් පිරිසක් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව ඇසුරින් චිත්‍රපටයක්,  කෙටි චිත්‍රපටයක් මෙන්ම ග්‍රන්ථයක්ද රචනා කිරීමට සැලසුම් කර ඇති බවයි.

එහිදී, ඔහු ද චරිතාපදානයේ කොටසක් වේදැයි මාධ්‍යවේදියෙකු විසින් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඊට සිය ළමා කාලයේ තොරතුරු ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් රඟපෑමට කැමති ඕනෑම කෙනෙකුට එම චරිතය භාරගත හැකි බවත්ය.

චිත්‍රපටය ගෙතෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතය සහ යුද සමය පාදක කරගනිමින් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *