ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා වැඩ භාරගෙන තිබේ.
ඒ අනුව, ඊයේ (06) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරියේදී ඒ මහතා නිල වශයෙන් සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කර ඇත.
මාතර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිය මූලික සහ ද්විතීය අධ්‍යාපනය හදාරා ඇති පුරසිංහ මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි. පුද්ගලික ආයතන කිහිපයක ජ්‍යේෂ්ඨ තනතුරු කිහිපයක් හොබවා ඇති ඒ මහතා, වර්තමානයේ ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරයි.
ලංගම හිටපු සභාපති රමාල් සිරිවර්ධන මහතා පසුගිය ජනවාරි 28 වනදා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙසේ නව පත්කිරීම සිදුකර ඇත.

විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ
අද කාලගුණ නිවේදනය
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට