Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයේ සේවකයන්ගේ උසස් වීම්, ස්ථාන මාරු සහ බැඳවා ගැනීම් පිළිබඳව විශේෂ දැනුම් දැනුම්දීමක්

1 year ago

රජ්‍ය සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපළ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ දී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ නිලධාරීන්, සේවකයන් බඳවා ගැනීම/ උසස් කිරීම/ මාරු කිරීම සීමා කිරීම, සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රන්නායක මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුමක් දී ඇත්තේ ඉහත සඳහන් ක්‍රියාවක් සම්බන්ධයෙන්, රාජ්‍ය දේපළ පාලනය භාරව සිටින අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රමුඛ සියලුම නිලධාරීන් සිය අවධානය යොමු කළ යුතු බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන ව්‍යවස්ථා සංශෝධනයේ 104 (ආ) 4 (අ) ව්‍යවස්ථා අනුව “මැතිවරණයක් පවත්වනු ලබන කාල පරිච්ඡේදය තුළ දී, රජයට හෝ යම් රාජ්‍ය සංස්ථාවකට හෝ අයත් යම් නිශ්චල හෝ චංචල දේපළක්” යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ තෝරාපත් කර ගැනීම ප්‍රවර්ධනය කිරීමේ හෝ වළක්වාලීමේ කාර්යය සඳහා යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ විසින් භාවිතා කිරීම තහනම් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට සහ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට හිමි වේ.

ඒ අනුව, ව්‍යවස්ථාවේ (ආ) අනු ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් කරනු ලබන එවැනි විධානයකට අනුකූලවීම සහ ක්‍රියාත්මක කිරීම තත් කාලයේ රජය සතු දේපළ භාරව සිටින හෝ පාලනය දරන සියලුම නිලධාරින් බැඳී සිටින බව ද දැනුම් දී තිබේ.

එවැනි විධානයක් උල්ලංඝනය කිරීම අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ විට වසර තුනක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයකින් හෝ එකී දඬුවම් ද්විත්වයම ලබාදීමට හැකි වරදක් බව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ම හඳුන්වා දී ඇති බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රන්නායක මහතා අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025,03.03 දිනැති අංක 2426006 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් නිවේදනය හා EC/EDR/LAE2025/05 හා 2025.03.03 දිනැති අංක 06 දරන චක්‍රලේඛය නිකුත් කොට ඇති බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

පළාත් පාලන ආයතන 336 ක් (අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනෙයි මහ නගර සභාව හා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව, කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනාකරි ප්‍රාදේශීය සභාව හා ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශිය සභාව හැර) සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම 2025.03.03 දින ද අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව හා කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පුනාකරි ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන 03 සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම 20025.03.10 දින ද ප්‍රසිද්ධ කොට ඇත.

ඒ අනුව 2025.03.03 දින සිට ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර අවසන් වන තෙක් වූ කාල සීමාව “ඡන්ද විමසීමේ කාල සීමාව” ලෙස සැලකේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *