කොසු මිටකින් සහ කුඩයකින් පහර දී ගුරුවරියකට තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින ගුරුවරියක එකී චෝදනාවට වරදකාරිය බවට තීන්දු කළ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත්වරයා විත්තිකාර ගුරුවරියට දඬුවම් නියම කිරීම අප්‍රේල් 23 වැනි දිනට කල් තැබිණි.
එදිනට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද අතිරේක මහෙස්ත්‍රාත්වරිය විත්තිකාර ගුරුවරියට නියෝග කරනු ලැබුවාය.
මෙසේ අධිකරණය හමුවේ වරදකාරියක වූයේ මිහින්තලේ කන්නට්ටිය ගල්වල හංදිය පදිංචිකාරියක වන 54 හැවිරිදි පාසල් ගුරුවරියකි.
2021 වසරේ සැප්තැම්බර් මස 30 වන දින මිහින්තලේ කන්නට්ටිය පදිංචි 59 හැවිරිදි ගුරුවරියකගේ නිවසට ඇතුළු වී කොසු මිටකින් සහ කුඩයකින් එම ගුරුවරියට පහර දී තුවාල සිදු ළෙ බවට ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 434 සහ 314 සහ 316 යන වගන්ති ප්‍රකාරව විත්තිකාර ගුරුවරියට එරෙහිව මිහින්තලේ පොලිසිය අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.
පැමිණිළිකාර ගුරුවරියගේ ගෙවත්තේ ඇති පාළු ළිදකට වල් ඌරන් දෙදෙනකු වැටී මිය ගොස් දුගඳ හමන බව පවසමින් බැන වැදී පසුව ගැටුමක් ඇති කර ගෙන විත්තිකාර ගුරුවරිය මෙම පහරදීම් සිදු කර ඇති බවද අධිකරණ නඩු විභාගයේ දී හෙලි විය.
(source – aruna)

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ