කොළඹ නුවර මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
කොළඹ මහනුවර අතර ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මහනුවර – දෙහිවල සහ කල්මුණේ – කොළඹ බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම රිය අනතුර හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවද පොලීසිය සඳහන් කළේය.