දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මේ අතර ලැව්ගිනි පැතිර යන ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස ද ඔවුන් එරට සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවක දී දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාල අමතන ලෙසත් දැනුම් දී තිබේ.
දුරකථන අංක – 2 735 2966, 2 735 2967 හෝ 2 794 2968
දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 24ක් දක්වා ඉහළගොස් තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, වසර 1,300ක් පැරණි විහාරස්ථානයක් ද මෙම ගින්නෙන් විනාශ වී ඇති බවය.
දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යෑම ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් පවසයි.
ගින්නෙන් ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, පුද්ගලයින් 27,000ක් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.
දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාප 6ක ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර 43,330ක් ගිනිගෙන ඇති අතර, පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.

පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්