Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කැබිනට් ඇමැතිවරු කප්පාදු කරගත් දීමනා මෙන්න

3 weeks ago 5.2 K

කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යවරුන්ට හිමි වැටුප් සහ ඉන්ධන දීමනාව ලබා නොගැනිමට තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.

කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලබා ගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වැටුප පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙවේදීන් කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද පැවසීය.

“අමාත්‍යවරුන් තමන්ගේ අමාත්‍ය වැටුප නොගැනීමට අපි තීන්දුවක් ගත්තා. ඒ වගේම මන්ත්‍රීවරුන් හැටියට අමාත්‍යවරුන්ට ලැබෙන ඉන්ධන දීමනාව ගන්නේ නැහැ කියලා අපි තීරණයක් ගත්තා. ඒ දෙකම ලබාදෙන්න කියන එක තමයි පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය බවට පත්ව තිබෙන්නේ.

මන්ත්‍රීවරයාට ලැබෙන දිමනාවේ ඉන්ධන දීමවනාවක් තිබෙනවා. අමාත්‍යවරයාටත් වැටුපට අමතරව ඉන්ධන දීමනාවකුත් ලැබෙනවා. අපි මේ ගැන දැන ගන්න විට මාස කිහිපයක් ගත වෙලා තිබුණා. ඒ අනුව මන්ත්‍රීවරයාට හිමි ඉන්ධන දීමනාවත් ඇමති වැටුපත් නොගෙන සිටීමට අපි ආණ්ඩුවට විදියට තීන්දුවක් ගත්තා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *