කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යවරුන්ට හිමි වැටුප් සහ ඉන්ධන දීමනාව ලබා නොගැනිමට තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලබා ගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වැටුප පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙවේදීන් කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද පැවසීය.
“අමාත්‍යවරුන් තමන්ගේ අමාත්‍ය වැටුප නොගැනීමට අපි තීන්දුවක් ගත්තා. ඒ වගේම මන්ත්‍රීවරුන් හැටියට අමාත්‍යවරුන්ට ලැබෙන ඉන්ධන දීමනාව ගන්නේ නැහැ කියලා අපි තීරණයක් ගත්තා. ඒ දෙකම ලබාදෙන්න කියන එක තමයි පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය බවට පත්ව තිබෙන්නේ.
මන්ත්‍රීවරයාට ලැබෙන දිමනාවේ ඉන්ධන දීමවනාවක් තිබෙනවා. අමාත්‍යවරයාටත් වැටුපට අමතරව ඉන්ධන දීමනාවකුත් ලැබෙනවා. අපි මේ ගැන දැන ගන්න විට මාස කිහිපයක් ගත වෙලා තිබුණා. ඒ අනුව මන්ත්‍රීවරයාට හිමි ඉන්ධන දීමනාවත් ඇමති වැටුපත් නොගෙන සිටීමට අපි ආණ්ඩුවට විදියට තීන්දුවක් ගත්තා.”

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී