2008 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමට අදලව හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22 දෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ජනාධිපති අරමුදලින් මෙම මුදල් ලබා ගැනීමට අදාළව පවත්වාගෙන ගිය ගොනු 22 ක් විමර්ශන නිලධාරින් භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.
එම මැති, ඇමතිවරුන් විසි දෙදෙනා විසින් විවිධ මුදල් ප්‍රමාණයන් වශයෙන් රුපියල් කෝටි 10 කට අධික මුදලක් ලබා ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
එම මුදල් ලබා ගැනීමේදී යම් අක්‍රමිකතාවයක් සිදුව ඇත්ද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරනු ලබන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සිදු කරගෙන යනු ලබන විමර්ශන වලට අදාළව ජනාධිපති අරමුදලේ ගිණුමෙන් නිකුත් කරන ලද චෙක්පත් පිළිබඳ විස්තර ලබා ගැනීම සඳහා විමර්ශන නිලධාරින් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අද (02) දින නියෝගයක් ලබා ගැනීමට පියවර ගෙන ඇත.

පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්