A9 මාර්ගයේ මිහින්තලය වැල්ලමොරාන ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින්
පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා,
ඊයේ (14) රාත්‍රී මොවුන් ගමන් ගත් කැබ්රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක
ගැටි මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම
ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බරපතල තුවාල ලැබූ අනිත් පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන්
අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ මිහින්තලය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37 හැවිරිදි පුද්ගලයෙකු සහ
ගල්කුළම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 හැවිරිදි තරුණයෙකි.
අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මිහින්තලය පොලිසියේ රථ වාහන අංශය විසින් සිදුකරනු
ලබනවා.
අනතුරින් මියගිය 37 හැවිරිදි පුද්ගලයා අනුරාධපුර යුද හමුදා කඳවුරේ සේවය කරන
මේජර්වරයෙකු බවයි පොලිසිය සඳහන් කළා.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා