A9 මාර්ගයේ මිහින්තලය වැල්ලමොරාන ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින්
පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා,
ඊයේ (14) රාත්‍රී මොවුන් ගමන් ගත් කැබ්රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක
ගැටි මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම
ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බරපතල තුවාල ලැබූ අනිත් පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන්
අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ මිහින්තලය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37 හැවිරිදි පුද්ගලයෙකු සහ
ගල්කුළම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 හැවිරිදි තරුණයෙකි.
අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මිහින්තලය පොලිසියේ රථ වාහන අංශය විසින් සිදුකරනු
ලබනවා.
අනතුරින් මියගිය 37 හැවිරිදි පුද්ගලයා අනුරාධපුර යුද හමුදා කඳවුරේ සේවය කරන
මේජර්වරයෙකු බවයි පොලිසිය සඳහන් කළා.