Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලාංකීය සිසුන්ට හංගේරියාවේ අධ්‍යාපන ශිෂ්‍යත්ව

1 year ago

අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කල යෝජනාවකට අනුව විදේශයන්හි ශ්‍රී ලාංකීය සිසුන්ට ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව අවස්ථා සැලසෙනු ඇත.

හංගේරියාවේ Stipendium Hungaricum ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ උසස් අධ්‍යාපන සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දැනුම සහ දෙරටේ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කිරීම උදෙසා හංගේරියාවේ විදේශ කටයුතු හා වෙළෙඳ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට සැලසුම් කර ඇත.

ගිවිසුමේ ඍජු ප්‍රතිලාභ ලෙස ශ්‍රී ලාංකීය සිසුන් සඳහා විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය, වෛද්‍ය විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව සහ කෘෂිකර්මය ආදී ක්ෂේත්‍රයන් යටතේ ප්‍රථම උපාධි අවස්ථා 08ක්, පශ්චාත් උපාධි අවස්ථා 08ක් සහ ආචාර්ය උපාධි අවස්ථා 04ක් ලෙස ශිෂ්‍යත්ව අවස්ථාවන් 20ක් Stipendium Hungaricum ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ වාර්ෂිකව හිමි වනු ඇත.

යෝජිත අවබෝධතා ගිවිසුම 2025‑2027 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මේ තුළින් ශ්‍රී ලාංකික සිසුන් රැසකට විදේශ ශිෂ්‍යත්වයන් හිමිකරගෙන උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාවේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *