පසුගිය වර්ෂවලට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 05ක කාලසීමාව තුළ දී බාලවයස්කාර දැරියන් ගැබ්ගැනීම ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ එම කාලසීමාව තුළ ලිංගික අතවරවලට ලක් වූ වයස අවුරුදු 18ට අඩු දැරියන් තිස්දෙදෙනෙක් ගර්භණී තත්ත්වයට පත්ව ඇති බවයි.
2023 වර්ෂයේ දී මෙවන් අතවරයන්ට ලක් වූ පිරිස් අතරින් අඩු වයසින් ගැබ් ගැනීම් 11ක් පමණක් වාර්තා වී තිබූ නමුත්, මේ වන විට ගතවූ මාස පහක කාලයේදී පමණක් සිදුවීම් 32ක් වාර්තා වීම ඉතා දරුණු තත්ත්වයක් බවයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.
අඩු වයසෙන් ගැබ්ගැනීමට ලක්වී නීති විරෝධී ලෙස ගබ්සාවන්ට ලක්වන ප්‍රමාණයන් මෙම දත්තවලට ඇතුළත් නොවන බව ද ඔහු පැවසුවා.
දිවයිනේ ප්‍රමුඛ පෙළේ බාලිකා පාසල්වල පවා සිසුවියන් අඩු වයසින් ගැබ්ගැනීම මේ වන විට සුලබ සිද්ධියක් බවට පත්ව ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
පාසල් පද්ධතිය තුළ නිසි පරිදි ලිංගික අධ්‍යාපනය ලබාදිය හැකි වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවීමත්, ලිංගික අධ්‍යාපනය
සම්බන්ධයෙන් ගුරුවරුන් සහ දරුවන් අතර ද දෙමාපියන් සහ දරුවන් අතරද පවතින පරතරයද මෙයට හේතුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ජාතික ළමාරක්ෂණ අධිකාරිය මඟින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි