Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දියමන්ති, මැණික්,නිල් මැණික්, රතු මැණික් හා මුතු ඇට 3169ක් සහිත මහරැජිනියගේ රාජකීය මීනි පෙට්ටිය

3 years ago 4 K

දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය මේ වන විට පැවැත්වෙනවා.

එහි අවසන් දේව මෙහෙය ‘වෙස්මිනිස්ටර් ඇබේ’ දේවස්ථානයේ දී යි පැවැත්වෙන්නේ.

මහරැජිනියගේ අභාවය සමඟ ම රාජකීය පවුල හා ඊට අදාළ සෙසු තොරතුරු, කරුණු කාරණා හා
සුවිශේෂ සිද්ධි පිළිබඳ ජගත් අවධානය යොමු වුණේ, ඉතා ශීඝ්‍රයෙන්.

රැජිනියගේ රාජකීය අවමංගල්‍ය කටයුතු සඳහා බ්‍රිතාන්‍යය ඉතා ම විධිමත් වැඩපිළිවෙළක්
සැලැසුම් කර තිබුණා.

ලෝකයේ සිවු දෙසින් 2,000කට අධික රාජ්‍ය නායකයන් ඇතුළු සුවිශේෂ පුද්ගලයන් ලන්ඩනය
වෙත පැමිණියේ, රැජිනට අවසාන ගෞරවය දැක්වීමේ අරමුණ සහිතව යි.

රැජිනගේ අවමංගල්‍ය උත්සවයේ ආරක්ෂාව සඳහා 5949කට අධික හමුදා ආරක්ෂාවක් යොදවා ඇති
බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊට අමතර ව 10,000ක අමතර පොලිස් ආරක්ෂාවක් ද සපයා ඇති බව යි සඳහන් වන්නේ.

මේ අතර, දෙවැනි එලිසබත් රැජිනියගේ අවමංගල්‍ය පෙරහරේ කටයුතු සඳහා ම පමණක් 1650ක
කණ්ඩායමක් ද යොදවා ඇති බව සඳහන්.

‍රැජිනියට අවසන් ගෞරව දැක්වීම සඳහා මිලියනකයට අධික ජනතාවක් මේ වන විටත් ලන්ඩනයට පැමිණ ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේ ම එංගලන්තයේ සිනමා ශාලා 125ක රැජිනියගේ රාජකීය අවමංගල්‍ය උත්සවය සජීවී ව
විකාශය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

සුවිශේෂ ම කාරණය වන්නේ, දෙවැනි එලිසබත් මහරැජිනියගේ දේහය සහිත දෙන (මිනී පෙට්ටිය)
සැරසීම සඳහා දියමන්ති, මැණික්,නිල් මැණික්, රතු මැණික් හා මුතු ඇට 3169ක් භාවිත කර ඇති බව වාර්තා වීම යි.

source – hiru news

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *