දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය මේ වන විට පැවැත්වෙනවා.
එහි අවසන් දේව මෙහෙය ‘වෙස්මිනිස්ටර් ඇබේ’ දේවස්ථානයේ දී යි පැවැත්වෙන්නේ.
මහරැජිනියගේ අභාවය සමඟ ම රාජකීය පවුල හා ඊට අදාළ සෙසු තොරතුරු, කරුණු කාරණා හා
සුවිශේෂ සිද්ධි පිළිබඳ ජගත් අවධානය යොමු වුණේ, ඉතා ශීඝ්‍රයෙන්.
රැජිනියගේ රාජකීය අවමංගල්‍ය කටයුතු සඳහා බ්‍රිතාන්‍යය ඉතා ම විධිමත් වැඩපිළිවෙළක්
සැලැසුම් කර තිබුණා.
ලෝකයේ සිවු දෙසින් 2,000කට අධික රාජ්‍ය නායකයන් ඇතුළු සුවිශේෂ පුද්ගලයන් ලන්ඩනය
වෙත පැමිණියේ, රැජිනට අවසාන ගෞරවය දැක්වීමේ අරමුණ සහිතව යි.
රැජිනගේ අවමංගල්‍ය උත්සවයේ ආරක්ෂාව සඳහා 5949කට අධික හමුදා ආරක්ෂාවක් යොදවා ඇති
බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊට අමතර ව 10,000ක අමතර පොලිස් ආරක්ෂාවක් ද සපයා ඇති බව යි සඳහන් වන්නේ.
මේ අතර, දෙවැනි එලිසබත් රැජිනියගේ අවමංගල්‍ය පෙරහරේ කටයුතු සඳහා ම පමණක් 1650ක
කණ්ඩායමක් ද යොදවා ඇති බව සඳහන්.
රැජිනියට අවසන් ගෞරව දැක්වීම සඳහා මිලියනකයට අධික ජනතාවක් මේ වන විටත් ලන්ඩනයට පැමිණ ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේ ම එංගලන්තයේ සිනමා ශාලා 125ක රැජිනියගේ රාජකීය අවමංගල්‍ය උත්සවය සජීවී ව
විකාශය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
සුවිශේෂ ම කාරණය වන්නේ, දෙවැනි එලිසබත් මහරැජිනියගේ දේහය සහිත දෙන (මිනී පෙට්ටිය)
සැරසීම සඳහා දියමන්ති, මැණික්,නිල් මැණික්, රතු මැණික් හා මුතු ඇට 3169ක් භාවිත කර ඇති බව වාර්තා වීම යි.
source – hiru news

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි