Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රට යන කතුන් ගණිකාවන් කරන ජාවාරමුන් වටලයි! ජාවාරමට තානාපති නිලධාරීන් – ඒජන්සිකරුවනුත් හවුල්!

2 years ago 1.7 K

ඕමාන් ඇතුළු මැද පෙරදිග රටවලට ශ්‍රමිකයන් ලෙස රැගෙන ගොස් ගණිකා වෘත්තිය ඇතුළු ජාවාරම් සඳහා කාන්තාවන් යෙදවීමේ නිරත ජාවාරමුන් සොයා රටවල් දහඅටකට විශේෂ විමර්ශන කණ්ඩායම් පිටත්කර යැවීමට ජනපති රනිල් වික්‍රමසිංහ නියෝග කර ඇත. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මෙහෙයවනු ලබන ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බළකාය (National Anti Human Trafficking Task Force) වෙත මෙම මෙහෙයුම භාර දී ඇත.

මෙම ජාවාරම් සඳහා සම්බන්ධ ඒජන්සිකරුවන්, තානාපති අංශ නිලධාරින්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් හා ආගමන විගමන නිලධාරින් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරීම මෙම මෙහෙයුමේ අරමුණය. මිනිස් ජාවාරම් නැවැත්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.

ඕමානයේ ආරක්ෂිත නිවස්නයක් තුළ දැනටමත් අසරණ වූ කාන්තාවන් 41 ක් රඳවා සිටින බව හෙළි වී ඇත. ඕමානයට ගොස් මෙම පිරිස හමුවී ඔවුන් එම රටට යැවීමට මුල් වූ ජාවාරම්කරුවන් සෙවීමට පළමු මෙහෙයුම ලෙස භාර දී තිබේ. ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බළකාය මෙවැනි විශේෂ මෙහෙයුමකට එක්වන පළමු වතාව මෙය වේ.

ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බළකායේ මෙම කණ්ඩායමට විශේෂිත පුහුණුවක් ඇති පිරිසක් යැවීමට තීරණය කර ඇත. රාජ්‍ය බුද්ධි සේවාව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම අංශ නියෝජනය වන නිලධාරින් කණ්ඩායමක් මේ සඳහා පිටත්කර යැවීමට උපදෙස් දී තිබේ.

මෙම කාර්යසාධක බළකා වසර දහයක් තිස්සේ අධිකරණ අමාත්‍යාංශය යටතේ පැවැති අතර එය විශේෂ අනුමැතියකින් 2021 දී ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ඇත.

මැද පෙරදිග රටවලට කාන්තා ශ්‍රමිකයන් ලෙස ගොස් හාම්පුතුන්ගේ අතවරවලට ලක් වූ විශාල පිරිසක් එම රටවල රැඳී සිටින බවද මේ වන විට හෙළි වී තිබේ.

ඕමානයේ ආරක්ෂිත නිවස්නය තුළ පමණක් පීඩනය දරාගත නොහැකිව සිහි විකල් වූ කාන්තාවන් නව දෙනකු සිටින බව ද හෙළි වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *