ළමුන් අතර නැවතත් අත් පා මුඛ රෝගය පැතිරෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
උණත් සමග හෝ උණ නොමැතිව දරුවන්ට පහත සඳහන් රෝග ලක්ෂණ තිබේ නම්, වැඩිහිටියන් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ.
*කට වටේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
*අත්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
*කකුල්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
*වැලමිටේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
*තට්ටම් ප්‍රදේශයේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
ළඳරු වයසේ සිට අවුරුදු 6 7 දක්වා දරුවන් අතරේ මෙම රෝගය පැතිරෙන බැවින් මෙවැනි රෝග ලක්ෂණ තිබේ නම් පිටතට නොයවා දින කිහිපයක් දරුවා නිවසේ තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වැඩිහිටියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි