අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණය නියෝග කර තිබේ.
මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ එම ටැටු මධ්‍යස්ථානයේ හිමිකරු වූ දුලාන් සංජුල නොහොත් ටැටූ මල්ලි නැමැත්තෙකි.
ඒ අනුව ඔහු රුපියල් 150,000ක මුදල් ඇපයක් සහ 250,000 ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හෝමාගම හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29) නියෝග කළේය.
එමෙන්ම සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවීමටද අධිකරණය තීන්දු කළේය.
තවද මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ඊට ආදාර අනුබල දීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සැකකරුවන් අදාළ ඇප කොන්දේසි මතම මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කළේය.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට