ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත.
මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි.
විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් සිදු කරන ලදී.
මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලැබූ නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය පහතින්.
නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය මීට පෙර දැරූ පදවිය
01. එස්.එස්.කේ. විතාන මහතා දිසා විනිසුරු
02. ඒ.එම්.අයි.එස්. අත්තනායක මහතා දිසා විනිසුරු
03. ඒ.එම්.එම්. රියාල් මහතා දිසා විනිසුරු
04. ඩී.පී.මුදුන්කොටුව මහතා දිසා විනිසුරු
05. එස්.බී.එච්.එම්.එස්. හේරත් මහතා අතිරේක දිසා විනිසුරු
06. ජේ. කජනිදීපාලන් මහතා දිසා විනිසුරු
07. ඩී.එම්.ඩී.සී. බණ්ඩාර මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
08. එච්.එම්.බී.ආර්. විජේරත්න මෙණෙවිය අතිරේක දිසා විනිසුරු
09. ඩී.එම්.ඒ. සෙනෙවිරත්න මහතා අතිරේක දිසා විනිසුරු
10. ඒ.ඒ. ආනන්දරාජා මහතා මහේස්ත්‍රාත්
11. ජී.එන්.පෙරේරා මහතා දිසා විනිසුරු
12. ඒ. ජුඩේසන් මහතා දිසා විනිසුරු
13. ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග මහත්මිය දිසා විනිසුරු
14. ආර්.බී.එම්.ඩී.ආර්.වැලිගොඩපිටිය මහතා දිසා විනිසුරු
15. කේ.ඩී.එන්.වී. ලංකාපුර මෙණෙවිය මහේස්ත්‍රාත්
16. ඩී.එම්.ආර්.ඩී.දිසානායක මහතා දිසා විනිසුරු
17. එම්.අයි.එම්. රිස්වි මහතා දිසා විනිසුරු
18. ඒ. ජයලක්ෂි ද සිල්වා මහත්මිය රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට