ගම්පහ ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ සැකකරු මීට දින කිහිපයකට පෙර ගම්පහ අකරවිට ප්‍රදේශයේදී කාන්තාවකගේ අත් බෑගයක් කොල්ලකා පලා යාමට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේදී අදාළ කාන්තාවගේ කෑගැසීමත් සමග එම ස්ථානයට පැමිණි පියපුතු දෙපළකට සැකකරු විසින් පිහි ප්‍රහාරයක් එල්ලකර තිබේ.
එම පිහි ප්‍රහාරයෙන් අදාළ පුත්‍රයා මියගොස් ඇති අතර ඔහුගේ පියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
ඊයේ දිනයේ එම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගොස් ඇති අතර එහිදී සැකකරු පොලීසියට මන්නයකින් කොටා ඇත.
එම අවස්ථාවේදී පොලීසිය එල්ලකළ වෙඩි පහරකින් සැකකරු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කළ බව පොලීසිය පැවසීය.
එහිදී ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පහළගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.
සැකකරු දැඩිලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ
අද කාලගුණ නිවේදනය
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්