අළෙවියට සාපේක්‍ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටමෙන් කොටසක් බද්දක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිලදීගැනීමට තැන්පත් කරන මුදලින් අයකර ගතහොත් ඉන්ධන ඇනවුම් කිරීම නතර බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පවසයි.
ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් වෙත ඉන්ධන අලෙවියට සාපේක්ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටම මුදලින් සියයට 45ක් මාසික පරිහරණ ගාස්තුව ලෙස අයකර ගැනීමට සංස්ථාව ගෙන ඇති අත්තනෝමතික තීරණයට බෙදුම්කරුවන් විරෝධය පළකරන බවද ඔහු කියා සිටී.
සියලුම සංස්ථා පාලිත බෙදුම්කරුවන් සංස්ථාවට සියයට 0.25 ක මාසික ගාස්තුවක් ද මේ වන විටත් ගෙවන බවත් නාඔටුන්න මහතා කීය.
සංස්ථාව බෙදුම්කරුවන්ට ගෙවන වට්ටම් මුදල සිමාකිරීමට ගන්නා උත්සාහය බෙදුම්කරුවන් සිව්දෙනෙකු බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය වෙතින් ලබාගෙන ඇති වාරණ නියෝගයකින් අත්හිටුවා ඇති බව, කී නාඔටුන්න මහතා එසේ තිබියදී දැනටමත් ගෙවා ඇති වට්ටම මුදලින් අයකර ගැනීමට සංස්ථාව කටයුතු කරන බව දැනුම්දී ඇති බව ද සඳහන් කළේය.
මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අධිකරණ නියෝගයට පටහැනි බැවින් අධිකරණයට අපහාස කිරීම යටතේ නැවත නඩුවක් පවරණ බව ද කපිල නාඔටුන්න මහතා වැඩි දුරටත් කීය.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු