යාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ නෙල්ලියකාඩු ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී පිලිස්සී තිබූ අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් ඊයේ (01) හමු වූ බවට පොලීසිය පවසා සිටියි.
අදාල නිවසේ පෙරේදා (30) රාත්‍රියේ ගින්න හටගෙන ඇති බවටත් ගින්න ඇති වී තිබෙන්නේ නිවසේ අදාල අඹුසැමි යුවල නිදා සිටි කාමරයේ බවට මූලික පරක්ෂණවලදී හෙලි වී ඇත.
අසල්වැසි කාන්තාවක් විසින් නිවසේ කාමරයක දුමක් දැක පරික්ෂා කිරීමේදී පිලිස්සී තිබූ මළ සිරුරු දැක කඩිනමින් වැල්වැටිතුරෙයි පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ මූලික පරික්ෂණ ආරම්භ කරනු ලැබීය.
අඹුසැමි යුවල සිටි කාමරයේ ඇඳට ඇතුලු උපකරණද සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර සිරුරු දෙකද දැඩි සෙයින් පිලිස්සී ඇති බවටත් ගින්න ඇති වීමට මෙන්ම අඹුසැමි යුවල ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවටද පොලීසිය පවසයි.
මෙලෙස පිලිස්සී මිය ගොස් ඇත්තේ නෙල්ලියකාඩු ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එස්. රංජිත් කුමාර් සහ ඔහුගේ බිරිඳ වූ රංජිත් කුමාර් ක්‍රිෂාන්තිනි යන අය බවට හඳුනාගෙන ඇත.
පිලිස්සී තිබූ මළ සිරුර මේ වන විට වැල්වැටිතුරෙයි රෝහලට රැගෙනගොස් පස්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇති අතර වැල්වැටිතුරෙයි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
TRENDING – එයාල මගෙ ගේ ගිනි තිබ්බා… අධ්‍යක්ෂකවරුන්ට කන්‍යාභාවය දෙන නිලියෝ ඕන තරම් ඉන්නවා… – අනෝජා වීරසිංහ

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි