වාද්දුව පොතුපිටිය මහා විද්‍යාලය ඉදිරිපිට දෙමව්පියන් දහසක් දෙනා බලා සිටියදී හත් හැවිරිදි පිරිමි දරුවකුට අමානුෂික ලෙස පහරදුන් 35 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසයි.
පහර කෑ බව කියන වාද්දුව පොතුපිටිය පනාපිටිය පාරේ පදිංචි බි . එච් චමුතු භාග්‍ය නමැති දරුවා රෝහල්ගත කර ඇත.
පාසල තුලදී ලමුන් දෙදෙනා අතර සිදු වූ සිදුවීමකට එක් සිසුවෙකුගේ පියෙක් මෙලෙස අනෙක් සිසුවාට පහර දී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
පහර කෑ දරුවාට බැන වැදී කම්මුලට වැරෙන් පහරවල් කීපයක් එල්ල කළ ඇති බව දරුවාගේ මව පොලිසියට පවසා ඇත.
සිද්ධිය සියැසින් දුටු අයෙක් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඒ මොහොතේම ලබා දුන් තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ වාද්දුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ පහරදීමට සම්බන්ධ සැකකාර පුද්ගලයා සහ ඔහු පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන රැගෙන ගොස් ඇත.
වාද්දූව පොළිසිය විසින් මේ පිළීබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
– අරුණ –

විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ
අද කාලගුණ නිවේදනය
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට