ලොව පුරා ඉන්ධන සම්බන්ධයෙන් යළි කතාබහක් මතුව තිබෙනවා. ඒ, ලොවපුරා ඉන්ධන මිල ගණන් යළි ඉහළ යනු ඇති බවට වාර්තා පළවීමත් සමඟයි. ලෝකයේ ප්‍රධානතම බොරතෙල් නිෂ්පාදිත රටවල් සිය අපනයන කපාහැරීමට තීරණය කිරීම මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා.
සෞදි අරාබිය සහ රුසියාව ඇතුලු ඔපෙක් සාමාජික රටවල් පවසා ඇත්තේ දිනකට නිෂ්පාදනය කරන බොරතෙල් බැරල් ප්‍රමාණය මිලියන දෙකකින් කප්පාදු කරන බවයි. මෙවැනි කප්පාදු කිරීමක් ලොවපුරා ප්‍රධාන බොරතෙල් නිෂ්පාදිත රටවල් විසින් සිදුකරනු ලබන්නේ 2020 කොරෝනා වසංගත සමයෙන් පසු පළමු වරටයි.
මෙම තීරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ “බ්‍රෙන්ට්” වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විටත් ඉහළ ගොස් තිබෙනවා. අද නිකුත්වූ නවතම වාර්තාවලට අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 94 ට ආසන්නවී තිබෙනවා.
මේ අතර අද(06) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ගෝලීය බලපෑම හේතුවෙන් ඉදිරි දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරී මාසවල ඉන්ධන මිල ඉහළ යා හැකි බවයි.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි