2012 වසරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු වී බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම වී සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
තමාට පනවා තිබෙන සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා විත්තිකාර සාරුව ලියනගේ සුනිල් මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් පී.කුමාරන් රත්නම් සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.
අදාළ චෝදනාවලට වරදකරු කල සුනිල් මහතාට 2020 වසරේ ජනවාරි මස 17 වනදා කොළඹ මහාධිකරණය මගින් බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවමක් නියම කළේය.
ඊට අමතරව 25000ක දඩයක් සහ රුපියල් 250,000ක වන්දියක් ද විත්තිකරුට නියම කරන ලදී.
එහෙත් එම දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ සාරුව ලියනගේ සුනිල් මහතා මහාධිකරණය මගින් තමන්ව වරදකරු කර ඇත්තේ අතවරයට ලක්වූ බව කියන දැරිය විසින් ළමාරක්ෂක අධිකාරියට ලබාදුන් වීඩියෝ සාක්ෂියක් මත පමණක් බවය.
එම වීඩියෝ සාක්ෂිවලින් සඳහන් වු කරුණු වෙනත් ස්වාධීන සාක්ෂි වලින් සනාථ කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.
එම අභියාචනා පෙත්සම පිළිබඳව විභාගයක් පවත්වා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල විත්තිකරු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.
විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්