තමන් සතුව තිබූ රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමක් සහිත ප්‍රාඩෝ V8 වර්ගයේ ජීප්රථය කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක විසින් හොර රහසේ විකුණා දමා ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති සහ නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.
තමන් වහන්සේගේ ජීප් රථය සොරකම් කළේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවක් යැයි ඇතැමුන් පැවසුවද එම වංචාව කළේ අදාළ කාන්තාව නොව කොළඹ නාගරික මන්ත්‍රීනී ප්‍රියංකා ජයසේකර බවද උන්වහන්සේ කියා සිටියහ.
ඇය තම විහාරස්ථානයේ දායිකාවක වුවද තිළිණි ප‍්‍රියමාලි විහාරස්ථානයේ දායිකාවක නොවන බවද උන්වහන්සේ පැවසූහ.
තමන් වහන්සේට දායකයෙකුගෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ජීප් රථය විකිණීමට සූදානම් වූ අවස්ථාවේ මෙම මන්ත්‍රීවරිය පසුව මුදල් ලබා දීමේ පදනමින් එය ලබා ගෙන ගියද පසුව මුදල් ලබා නොදීම නිසා කළ සොයා බැලීමක දී එය අලෙවි කර තිබූ බව උන්වහන්සේ පැවසූහ.
ඒ හේතුවෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පැමිණිලි කිරීමෙන් පසු සැකකාර මන්ත්‍රීවරියට නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කර දැනට ඇප මත මුදාහැර ඇතැයි ද උන්වහන්සේ තවදුරටත් පැවසූහ.
PREVIOUS : බැංකු තැන්පතු සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නව නීතියක්
NEXT : මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ
V8 වර්ගයේ ප්‍රාඩෝ ජීප්රථය හොරු ගනී!

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි