හලාවත ප්‍රදේශයේදී දැදුරු ඔයේ දියනැමට ගිය ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී මිය ගියේය.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණි පුද්ගලයින් පිරිසක් අතරින් 10 දෙනෙකු ඊයේ (05)පස්වරුවේ දැදුරු ඔයේ පාලම යට දියනාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවෙ පොලීසිය සඳහන් කළේය.
එහිදි පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී ඇති අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබුණි.
තවත් අයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලීසිය සඳහන් කළේය.
එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 12,16,19 සහ 27 යන වයස්වල පසුවූ මාකොළ හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.
අදාළ පුද්ගලයින් සමග දියනාමින් සිට දිවි බේරාගත් දරුවෙකු සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළේය.
“මුලින්ම මාරවිල පල්ලියට යන්න ආවේ. ඊට පස්සේ මුන්නේෂ්වරන් ගිහින් කාලා නාන්න තමා මෙහෙට ආවේ. අපි අර හරියේ නනා හිටියේ. ඊට පස්සේ මෙතෙන වතුර හොඳයි කියලා මෙතෙනට ආවා. වතුර වැඩිය තිබුණේ නෑ. එක අඩියක් පස්සට තිබ්බ ගමන් ඇදගෙන වැටුණා. මමත් ගියා. අයියා කෙනෙක් මාව ඇදලා ගත්තා. අපේ නැන්දයි පුතාලා දෙන්නම නෑ. එහා ගෙදර නැන්දාගේ ළමයි දෙන්නා නෑ.”

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්රමෝද්ය වික්රමසිංහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි