ජතික ජනබලවේගයේ බලය පවතින කොළොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය කෙටුම්පත පරාජයට පත්වුණා.
අද (06) දා පෙරවරු 10 ට පමණ කොළොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය ආරම්භ කෙරුණේ සභාපති සම්පත් ගුණසිංහගේ ප්‍රධානත්වයෙන්.
කොළොන්න ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මංගල අයවැය කෙටුම්පත පළමුවර ඉදිරිපත් කිරීම අද පෙරවරුවේදී සිදු කෙරුණා.
මේ සදහා අද සවස ඡන්ද විමසීම සිදු කළ අතර එහිදී අයවැය පරාජය කිරීමට විපක්ෂයේ කණ්ඩායම් කටයුතු කළා.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රී ආසන 9ක්, සමගි ජනබලවේගයේ ආසන 05ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන 03ක්,එක්සත් ජාතික පක්ෂයේ ආසන 01ක්, සර්වජන පක්ෂයේ ආසන 01ක්, වශයෙන් කොළොන්න ප්‍රාදේශීය සභාව තේරී පත්ව තිබෙනවා.
පසු ගිය පළාත් පාලන මැතිවරණයෙන් කොළොන්න ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය ආසන 9ක් ද විපක්ෂයේ සියලු කණ්ඩායම් ආසන 10ක්ද දිනාගනිමින් විපක්ෂයේ බලය පැවතුණද සභාපතිවරයා තේරීමේ රහස් ඡන්දයේදී ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරමින් කොළොන්න ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවනු ලැබුවා.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි