Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි

4 weeks ago

2026 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ” පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය – 2025 (2026)” සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවා තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උක්ත විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන හා විශේෂ පිරිවෙන්වලට අදාළ පරිශීලක නාම හා මුරපද මේ වන විට නිකුත් කර ඇති බවය.

පරිශීලක නාම හා මුරපද නොලද ලියාපදිංචි පිරිවෙන් වේ නම්, ඒ පිළිබඳව අධ්‍යපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයෙන් විමසිය යුතුය.

අයදුම්පත සම්පුර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය https://doenets.lk වෙත පිවිස ” අපගේ සේවා” යටතේ ඇති “Piriven Exam Information Center” වෙත පිවිසිය යුතුය.

මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීම පිළිබඳ උපදෙස් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මාර්ගගත අයදුම්පත් භාරගැනීම හෙට (07) පෙ.ව.09.00ට ආරම්භ වන අතර නොවැම්බර්  28 දින ප.ව. 9.00ට අවසන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *