පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක් නියමකර තිබෙනවා.
අයුතු අවහිරය, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ පැවරූ නඩුවක් විභාග කළ බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි, චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා හතරකටත් ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකටත් වැරදිකරු බවට තීරණය කරනු ලැබුවා.
කෙසේ නමුත් රියදුරු බන්දුල රත්නායක මිය ගොස් ඇති බවටයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.
2019 වසරේ පෙබරවාරි 10 වැනිදා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින් බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය වී තිබෙනවා.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
විමල්ගේ සහෝදරයාට ඇප
රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප
අද සිට වැසි තත්ත්වයේ වෙනසක්
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතරට පත් වූ ශ්‍රී ලංකාව
“මත්පැන් නිෂ්පාදනය නතර කරනවා” – මත්පැන් නිෂ්පාදකයින් රතු එළි දල්වයි
කාඩ් එකෙන් ගෙවද්දී වැඩිපුර කපන සල්ලි ආපහු ගන්න ක්‍රමය මහ බැංකු අධිපති කියයි
වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය
ජනපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්