දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ නිරත වීමට පැමිණි කාවඩි නර්තන කණ්ඩායම් කිහිපයක සාමාජිකයන් පිරිසක් මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අද (28) පෙරවරුවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව තිබේ.
ඓතිහාසික දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා මේ වන විට ආරක්ෂක අංශ සාමාජිකයන් 1,500ක පමණ දැවැන්ත පිරිසක් යොදවා තිබේ.
පෙරහරට සහභාගී වන සියලුම කාවඩි කණ්ඩායම් විශේෂ ක්ෂණික පරීක්ෂාවන්ට (Random Checks) ලක්කිරීමට ද පොලීසිය පියවර ගෙන ඇත.
මතුවූ වාතාවරණය තුළ දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායම් ගමන් කිරීම තාවකාලිකව අවලංගු කිරීමට පොලිස්පතිවරයා විසින් ඉකුත් ඉරිදා මාතර දිස්ත්‍රික් ලේකම් වෙත නිර්දේශයක්ද සිදු කළේය.
කෙසේවෙතත් ඒ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (27) පස්වරුවේ මාතර දිසාපති කාර්යාලයේ පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා, අමාත්‍යංශය ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙනි.
පසුගිය වසරවල කාවඩි නර්තනයන්ට ඉදිරිපත් වූ සියලු කණ්ඩායම්වලට මෙවර අවසර ලබාදීමට එහිදී තීරණය කළේය.
පෙරහර අද (28) පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
පේරාදෙණිය රෝහල් ටෙන්ඩරයකට ලක්ෂ 20ක අල්ලස් ගත් ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් ගම්පොළදී අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
විමල්ගේ සහෝදරයාට ඇප
රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප
අද සිට වැසි තත්ත්වයේ වෙනසක්
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතරට පත් වූ ශ්‍රී ලංකාව
“මත්පැන් නිෂ්පාදනය නතර කරනවා” – මත්පැන් නිෂ්පාදකයින් රතු එළි දල්වයි