Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2026 වසරේ අයවැය යෝජනා

4 weeks ago

2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වුණා.

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයා ද වන ජනපති අනුර කුමාර දිසානායක විසින්.

ජනපතිවරයාගේ අයවැය ප්‍රකාශය පහතින්,

* වසරක් තුළ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට රජයට හැකිවුණා
* උද්ධමනය 5%ට අඩු මට්ටමක තබා ගැනීමට රජය උපරිම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා
* ගෝලීය කම්පනයන් හමුවේ වුවද විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකිවුණා
* ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තය ලබන වසරේ සනිටුහන් වනු ඇති
* 2030 වසර වනවිට රාජ්‍ය ණය 87%ක් දක්වා අඩුකර ගැනීමට රජය අපේක්ෂා කරනවා
* ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල පවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ධනාත්මක තත්ත්වයක්
* රාජ්‍ය සේවක වැටුප් මේ වනවිටත් අදියර 3කින් වැඩිකර තිබෙනවා
* දූෂණ විරෝධී වැඩසටහන මගින් ජනතා විශ්වාසය තහවුරු කර තිබෙනවා
* රාජ්‍ය මූල්‍ය කටයුතුවලට අදාළ ඩිජිටල් ප්‍රතිසංස්කරණ බොහෝ ක්ෂේත්‍රවල සිදුකර තිබෙනවා
* දූෂණය අවම කිරීම මගින් ආර්ථික වර්ධනය ඉහළ නංවාගත හැකියි
* 2026 වසරේදී අධිකරණ පද්ධතිය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙනවා
* 2025 වසරේ අ.ඩො.මි 823ක සෘජු විදේශ ආයෝජන ලැබී තිබෙනවා
* දේශීය සහ විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා
* ක්‍රමෝපාය සංවර්ධන පනත සහ වරාය නගර පනතසංශෝධනය කරනවා
* SVAT අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කර තිබෙනවා
*විනිවිද භාවය ඉහළ නැංවීම සඳහා ලබා දුන් බදු නිදහස් කිරීමේ ප්‍රකාශයන් වසරකට දෙවරක් මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩිවියේ ප්‍රකාශයට පත් කරනවා

ආර්ථික වර්ධන වේගය ඉහළට

*ආර්ථික වර්ධන වේගය 2024 පළමු භාගයේ  තුළ පැවැති 4.6 සිට 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 4.8 දක්වා වැඩි වී තිබේ.
*විරැකියාව අඩු වෙයි.
*විරැකියාව වසරේ පළමු කාර්තුවේදී 4.5%ක සිට 2025 පළමු කාර්තුවේදී 3.8 දක්වා පහත වැටී තිබේ.

මධ්‍ය කාලීන සර්ව ආර්ථික දිශානතිය

*ශක්තිමත් ආර්ථිකයක් සැමට ලබාදීම අරමුණයි.
* මධ්‍ය කාලීනව 7% ඉක්මවු ආර්ථිකයක් වෙනුවෙන් කටයුතු කරනවා.
*රාජ්‍ය ආයෝජන 2024 දී 2.7% වන අතර 2025 දී 4%ක් හා 2026 දී 7%කුත් අපේක්ෂිතයි.
*අපේ ඉලක්කය පුනරාවර්ථන වියදම් අඩුකරමින් ප්‍රාග්ධන වියදම් අඩුකරගත යුතුයි.
*4% ඉක්මවූ රාජ්‍ය ආයෝජන ඉලක්කයක්.
* ආර්ථික වර්ධන වේගය 2024 4.6% සිට 2025 වසරේ දී 4.8% දක්වා වැඩි වුණා.
* විරැකියාව 4.5% සිට 3.8% දක්වා පහළට.
*2024 වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2025 සැප්තැම්බර් වන තෙක් සැසදීමේදී සමස්ත කොටස් මිල දර්ශක ඒකක 11,855 සිට 21,779 දක්වා ඓතිහාසික වර්ධනයක්.

2024 මුල් මාස 9 හා සසඳන විට 2025 මුල් මාස 9 තුළ සිදුවූ වෙනස්කම්

*භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 8.5%සිට අමෙරිකානු ඩොලර් බිලියන 9.1 දක්වා වැඩි වී තිබේ.
*විදෙස් ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 4.8 සිට අමෙරිකානු ඩොලර් බිලියන 5.8 දක්වා වැඩි වී තිබේ
*සංචාරක ඉපයීම –  අමෙරිකානු ඩොලර් බිලියන 2.3 සිට අමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි වී තිබේ.
*ආදායම් හා ප්‍රධාන – රුපියල් ට්‍රිලියන 2.9 සිට රුපියල් ට්‍රිලියන 3.8 දක්වා වැඩි වී තිබේ.
*ඒ අනුව ගිය වසරේ මුල් මාස 9ට සාපේක්ෂව රුපියල් බිලියන 900කින් රාජ්‍ය ආදායම ඉහළ ගොස් තිබේ.
*ගිය වසරේ මුල් මාස 9 තුළ ප්‍රාථමික ශේෂය රුපියල් ට්‍රිලියන .8ක් වන අතර මේ වසරේ මුල් මාස 9 තුල ප්‍රාථමික ශේෂය 1.5 දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මිලදී ගැනීම් – රුපියල් බිලියන 37 සිට රුපියල් බිලියන 47 දක්වා ඉහළ ගොස් ඇත.

තිරසර සහ සැමට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක්

* වසර කිහිපයකින් 7% ඉක්මවා යන වර්ධනයක් ළඟා කරගැනීම.
*විනිවිඳභාවයකින් යුතු රීතිමත පදනම් වූ විදෙස් ආයෝජන ළඟා කර ගැනීම.
*උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති කාර්යාක්ෂමව සිදුකිරීම.

අපනයන විවිධාංගීකරණය මඟින් ඉහළ ආදායමක්.

*ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් 2025 – 2029 මඟින් අපනයනය විවිධාංගිකරණය.
*පවතින වෙළෙඳපොළ පුළුල් කිරීම.
*දැනට අත්සන් කළ වෙළෙඳ ගිවිසුම් හා නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමට විශේෂඥ කමිටුවක් පත්කිරීම.
*නව තීරු බදු ප්‍රතිපත්තියක්.

විදෙස් ණය ගෙවීම

*මේ වසරේ විදෙස් ණය ගෙවීම ඩොලර් මිලියන 2435ක් වන අතර සැප්තැම්බර් 30 වන විට ඉන් 1948ක් ගෙවා අවසන් කර ඇතැයි ජනාධිපතිවරයා පවසයි.
*ඒ අනුව මේ වසරේ දෙසැම්බර් 31වන විට තවත් ඩොලර් මිලියන 487ක් ගෙවීමට සූදානම් ඒ අනුව විදෙස් ණය සේවා කරණ ගෙවීම 2024ට සාපේක්ෂව ඩොලර් මිලියන 761ක වැඩි වීමක් බව ජනාධිපතිවරයා පැවසීය.
*2028 වසරේදී ගෙවිය යුතු විදෙස් ණය සේවාකරණය ඩොලර් මිලියන 3259ක් පමණක් බවත් එට 2025 වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 824ක වැඩිවීමක් පමණක් බවද ජනාධිපතිවරයා පැවසීය.

නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම

*ආනයනය කරන භාණ්ඩ දේශීයව නිෂ්පාදනයට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඉලක්කගත සහනාධාර ලබාදීම.
*මහා පරිමාණ නිෂ්පාදනවලට පෞද්ගලික අංශය වර්ධනය කරනවා.
*මේ සඳහා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් ඇති කරනවා.
*ග්‍රාමීය දිලිඳු බව තුරන් කිරීම.
*ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීම.
*නවින හා තිරසාර සංවර්ධන වැඩපිළිවෙලක් ජාතික මට්ටමින්.
*තිරසාර සංවර්ධන රාමුවක් දුප්පත්භාවය තුරන් කිරීමට යොදාගැනීම.
*විශේෂිතව රැකවරණය ලැබිය යුතු පිරිස් වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක්.

ඩිජිටල්කරණ ප්‍රවර්ධනය

* ඩිජිටල් ආර්ථිකය ඩො.බි 15 දක්වා වැඩිකිරීම.
*ඩිජිටල් පහසුකම් ලබාදීමට අයවැයෙන් කටයුතු කිරීම.

* ආනයන වැඩි කිරීම සඳහා අපනයන අපනයනය සංවර්ධන මණ්ඩලය විසින් ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක සකස් කරමින් පවතින අතර එම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාල මූලික කටයුතු සඳහා අමතරව රුපියල් මිලියන 250ක්.


*විදේශ සහ දේශීය ආයෝජන සඳහා වඩාත් ශක්තිමත් වූ දිරිගැනීම් පාලන තන්ත්‍රණයක් ඇතිකිරීමට ක්‍රමෝපායික සංවර්ධන පනතට සහ කොළඹ වරාය කොමිෂන් සභා පනතට සංශෝධන.

*රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය පිළිබඳ නියාමනය සඳහා වූ පනත 2026 දී පාර්ලිමේන්තුවට.

*ආයෝජකයින්ගේ විශ්වාස තහවුරු කිරීමට ආයෝජන ආරක්ෂණ පනත 2026 මුල්භාගයේදී සම්මත කරගන්නවා.

*ආයෝජන කලාප ආශ්‍රිත සේවා ආර්ථික කලාප ගොඩනැගීමට රු .මි 2,000ක් වෙන්කර ඇති අතර, එයට අමතරව රු මි 1,000ක් වෙන් කිරීමට යෝජනාවක්.

*තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රය තුළට ආයෝජකයින් ගෙන ඒම අභියෝගයක් වී තිබේ. වසර ගණනාවක් අත්හැර දමා ඇති කුරුණෑගල හා ගාල්ලේ ඇති තාක්ෂණික උද්‍යාන සඳහා ගෙවා නොමැති හිඟ මුදල රු. මි 1,500ක් මේ වසරේ ගෙවා නිමකිරීමට නියමිතයි. එමෙන්ම අලුතින් නුවරඑළියේ හා දිගන තාක්ෂණික ආයෝජන කලාප දෙකක් ආයෝජන මණ්ඩලය හරහා ඉදිකිරීමට නියමිතයි.

* සමාජ ආරක්ෂණ ජාලයේ වියදම් අවම වශයෙන් 4%ක පවත්වාගෙන යනවා
* වරප්‍රසාද වෙනුවට සාධාරණත්වය පදනම් කරගත් ආර්ථික ක්‍රමවේදයක්
* රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20%ක මට්ටමට ගෙන ඒම අරමුණයි
* සෘජු සහ වක්‍ර බදු අනුපාතය 60% – 40% අනුපාතයට ගෙන ඒමට කටයුතු කරනවා
* මෙවර අයවැය හිඟය 5.2% දක්වා අඩුවෙනවා
* ආයෝජන ආරක්ෂණ පනත 2026 වසරේ මුල් භාගයේදී සම්මත කරනවා
* ආයෝජන කලාප ආශ්‍රිත සේවා සඳහා තවත් රුපියල් බිලියන 1,000ක්
* විදේශීය ආයෝජකයන් සඳහා නේවාසික වීසා ක්‍රමවේදයක්
* ඉඩම් තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක්
* ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සඳහා අමතර රුපියල් මිලියන 250ක් 
* ජාතික තනි වෙළෙඳ කවුළුව ඇතුළුව ආයෝජන පහසුකම් සඳහා රුපියල් මිලියන 2,500ක්
* කර්මාන්ත කලාප සංවර්ධනය සඳහා අමතර රුපියල් මිලියන 1,000ක්
* ඇප රහිතව ව්‍යවසායකයින්ට ණය දීමට දුන් පොරොන්දුව ඉටු කර තිබෙනවා, ඒ සඳහා රුපියල් මිලියන 4,227ක ණයදී තිබෙනවා
* කෘෂිකර්ම අගයදාමයන් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1,700ක් වෙන්කර තිබෙනවා
* 2026 වසර සඳහා විවිධ ණය වෙනුවෙන් රුපියල් මිලියන 80,000ක්
* සොබාදහම කේන්ද්‍ර කරගත් සංචාරක සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 3,500ක් 
* ඌන උපයෝජිත සංචාරක බංගලා පෞද්ගලික අංශයේ සහයෙන් ආදායම් උත්පාදනය කිරීමට යොදා ගන්නවා
* සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ නිපුණතා සහිත පුද්ගලයින් බිහි කිරීම සඳහා කෙටි කාලීන වෘත්තිය පුහුණු පාඨමාලා ඇති කිරීමට රුපියල් මිලියන 500ක්
* අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රචලිත කිරීමට රුපියල් මිලියන 1,000ක් 
* කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ලබන වසරේ යළි ආරම්භ කරනවා
* ඩිජිටල් ආර්ථික සංවර්ධනයට රුපියල් මිලියන 25,000ක් 
* ඩිජිටල් ආර්ථික පනත යටතේ ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවනවා
* පළමු ඩිජිටල් හැඳුනුම්පත 2026 මාර්තු මාසයේදී නිකුත් කරනවා
* ඩිජිටල් රාජ්‍ය පරිවර්තනය සඳහා රුපියල් බිලියන 30ක්
* පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 21ක්
* මාර්ගගත ක්‍රමය ඔස්සේ රාජ්‍ය ගෙවීම් සිදු කිරීමේදී සේවා ගාස්තු අය නොකිරීමට තීරණයක්
* රුපියල් 5,000ට වඩා අඩු QR කේත ගෙවීම්වලට කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ
* කෘත්‍රිම බුද්ධි සේවා මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියන 750ක්
* බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දරුවන්ට ලබාදීමට පියවර
* අලුත් දුරකථන කුළුණු 100ක් ස්ථාපනයට පියවර – ආයෝජකයින්ට බදු සහන
* නව පර්යේෂණ වාණිජකරණය සඳහා රුපියල් මිලියන 1,200ක්
* ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 6,500ක්
* විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙහෙයුම සඳහා රුපියල් මිලියන 2,000ක්
* ආබාධිත ප්‍රජාවගේ දීමනා සඳහා රුපියල් මිලියන 19,000ක් 
* පොදු ප්‍රවාහනයේ සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක් 
* ආබාධිත ප්‍රජාවට පෞද්ගලික අංශයේ රැකියා ලබාදීමට රජයේ පාර්ශ්වයෙන් රුපියල් මිලියන 500ක්
* අස්වැසුම යටතේ සෑම දරුවෙකුටම අධ්‍යාපන ලිපි ද්‍රව්‍ය සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රුපියල් මිලියන 9,000ක් වෙන් කෙරේ
* වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 11,000ක් 
* මහපොළ ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 2,500කින් ඉහළට – නව දීමනාව රුපියල් 10,000ක්
* ආබාධිත සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක්
* ජාතික අධ්‍යාපන පීඨ ශික්ෂණලාභීන්ගේ දීමනාව රුපියල් 2,500කින් ඉහළට
* වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම ඇතුළුව සමස්ත ක්ෂේත්‍රය සඳහා රුපියල් මිලියන 8,000ක්
* වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන 50ක් නවීකරණයට පියවර
* ප්‍රාථමික සෞඛ්‍ය සේවය වෙනුවෙන් ආරෝග්‍ය මධ්‍යස්ථාන ඇති කිරීමට පියවර
* මූලික රෝහල් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 31,000ක් 
* ජාතික හෘද ඒකක ගොඩනැගිල්ල පිහිටුවීමට රුපියල් මිලියන 12,000ක් 
* සුවසැරිය ගිලන් රථ සේවය සඳහා රුපියල් බිලියන 4.25ක් 
* ප්‍රජා විද්‍යා සහ සෞඛ්‍ය සමීක්ෂණය වෙනුවෙන් රුපියල් මිලියන 570ක් 
* දඹුල්ල සහ දෙණියාය ප්‍රාදේශීය රෝහල් නැවත ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 10,000ක්
* ප්‍රජා ශක්ති වැඩසටහනට රුපියල් මිලියන 25,000ක්
* වතු කම්කරු දෛනික අවම වැටුප රුපියල් 1,550ක් දක්වා ඉහළට – පැමිණීමේ දීමනාව රුපියල් 200ක්, එකතුව රුපියල් 1,750ක්
* වතු කම්කරුවන්ගේ වැටුප් සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන වෙන් කෙරේ
* මොණරාගල සහ අම්පාර නගරවල ශ්‍රවණාගාර පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 200ක්
* නින්දවූර් නගර සභා ගොඩනැගිල්ල සම්පූර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 300ක්
* ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 24,000ක් 
* ග්‍රාමීය පාලම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2,500ක් 
* වැඩිහිටි ප්‍රජාව සමාජයේ සක්‍රීය පාර්ශ්වකරුවන් කරගැනීමේ ප්‍රතිපත්තිය සැකසීමට රුපියල් මිලියන 10ක්
* කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කරගත් වැඩසටහන් සඳහා අමතර රුපියල් මිලියන 200ක්
* විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක්
* වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍ය වාහන 294ක් සහ සන්නිවේදන උපකරණ ලබා ගැනීමට අනුමැතිය
* අලි වැට අධීක්ෂණය සඳහා විශේෂ පුහුණුවක් සහිත සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන් 5,000ක්
* අලි ඇතුන් සඳහා ආහාර සහ ජල මූලාශ්‍ර වෙනුවෙන් රුපියල් මිලියන 80ක්
* විදුලි වැට ඉදිකිරීම සම්පූර්ණ කිරීමට තවත් රුපියල් මිලියන 1,000ක්
* අලි මිනිස් ගැටුමට දිගු කාලීන විසඳුම් සොයා ගැනීමට රුපියල් මිලියන 10ක්
* නාට්‍ය, රංග කලාව සහ සාහිත්‍ය ප්‍රවර්ධනයට තවත් රුපියල් මිලියන 50ක්
* ජනමාධ්‍ය උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරීනැමීමට රුපියල් මිලියන 100ක්
* ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීමට අමතර රුපියල් මිලියන 800ක්
* ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා සහභාගී වන ක්‍රීඩකයින්ගේ පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 1,163ක්
* උතුරු සහ නැගෙනහිර ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනයට රුපියල් මිලියන 150ක්
* නිෂ්පාදන සමූපකාර සමිති ගොඩනැගීම සහ තරුණ ව්‍යවසායකයින් නිර්මාණය වෙනුවෙන් රුපියල් මිලියන 500ක්
* ලොකු ලූනු, අර්තාපල් සහ බඩඉරිඟු මිල යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 1,000ක්
* දඹුල්ල ශීතාගාර කෘෂි ගබඩාව ඵලදායීව යොදා ගැනීමට අවධානය
* සුහුරු වාරිමාර්ග ක්‍රම 400ක් සඳහා රුපියල් මිලියන 4,000ක් 2026 වසරේ – වාරිමාර්ග ක්‍රම 100ක්
* 2030 වසර වනවිට කිරි අවශ්‍යතාවයෙන් 75%ක් දේශීය සපුරා ගැනීමේ ඉලක්කයක්
* මිල්කෝ කර්මාන්ත ශාලාවේ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 3,000ක්
* උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව වෙනුවෙන් රුපියල් මිලියන 600ක්
* අක්කර 5ට අඩු පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමට රුපියල් මිලියන 2,500ක්
* ධීවර වරායන්වල පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 300ක්
* ධීවරයින්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමට නවීන තාක්ෂණය ලබාදීම සඳහා රුපියල් මිලියන 350ක්
* ධීවරයින්ට ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට රුපියල් මිලියන 100ක්
* මත්ස්‍ය බිම් තොරතුරු ධීවර ප්‍රජාව වෙත ලබාදීමට රුපියල් මිලියන 100ක්
* සමුද්‍ර ජෛව තාක්ෂණය සහ මුහුදු පත්ල සම්පත් සංවර්ධනයට රුපියල් මිලියන 100ක්
* වාරි කර්මාන්තය නගාසිටුවීමට රුපියල් මිලියන 91,700ක් 
* පහළ මල්වතු ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියට රුපියල් මිලියන 5,000ක්
* වැව් 650ක් සහ ඇළ මාර්ග කිලෝමීටර 350ක් පමණ ප්‍රතිසංස්කරණයට පියවර
* කොළඹ ඇතුළු නාගරික ගංවතුර පාලනය සඳහා රුපියල් මිලියන 250ක්
* ගංවතුර කළමනාකරණය අධ්‍යයනයට රුපියල් මිලියන 500ක්
* නිල්වලා ලවණ බාධකය ආශ්‍රිත ගැටලුවට විසඳුම් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 1,000ක්
* නිල්වලා ගංවතුරෙන් හානිවූ කුඹුරු ඉඩම්වලට වන්දි ගෙවීමට රුපියල් මිලියන 1,200ක්
* මඩකලපුව ගංවතුර පාලනය සඳහා රුපියල් මිලියන 500ක්
* පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධනය සඳහා රුපියල් මිලියන 85,700ක්

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *