Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සහාය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව සැපිරිය යුතු කොන්දේසි 02ක් IMF වෙතින් ඉදිරිපත් කරයි

4 years ago

දළ දේශීය නිෂ්පාදිතයේ පහත වැටීමක් සිදුවුවත් ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සලකනු ලබන බව අරමුදලේ ආසියානු පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඈන් මරී පවසයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සමගාමීව අමෙරිකාවේ, වොෂින්ටන්හි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

“ශ්‍රී ලංකාව මේ වනවිට ඉතා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිනවා. ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අපි අවධානයෙන් පසුවනවා. දරිද්‍රතාවය වගේම අවදානම් පිරිස් මුහුණ දෙන ගැටලු නිමාකිරීම සඳහා කඩිනමින් කටයුතු කිරීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. සැප්තැම්බර් පළමුවැනිදා සිට වසර 4ක කාලයක් සඳහා විස්තීරණ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබාදීමට කාර්ය මණ්ඩල එකඟතාවයකට එළැඹ සිටිනවා.” 

“නමුත් මේ පහසුකම යටතේ අරමුදල් ලබාදීම ඇරඹෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාකච්ඡාවලින් පසුවයි. ඒ වගේම මේ පහසුකම ලබාදෙන්නේ විවිධ කොන්දේසි මත. ඉන් කිහිපයක් මේ වනවිටත් ශ්‍රී ලංකා රජය ක්‍රියාවට නංවමින් සිටිනවා. නමුත් වැදගත්වන්නේ රටේ ණය අර්බුදයට විසඳුමක් ලබාදීමයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ණය මට්ටම අස්ථාවරභාවයක් පෙන්නුම් කරනවා. ඒ අනුව, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා අපිට නිශ්චිත කරුණු 2කට සහතිකයක් අවශ්‍ය වනවා.”

“පළමු වැන්න ද්විපාර්ශවීය ණය හිමියන් සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු කරුණු සම්බන්ධව නම්‍යශීලිව කටයුතු කිරීමට සූදානම්වීම. දෙවැන්න ඒ ආකාරයෙන්ම පෞද්ගලික ණය සැපයුම්කරුවන් සමඟද එකඟත්වයකට පැමිණ කටයුතු කිරීමට සූදානම්වීමයි.” 

“ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ණය සම්බන්ධයෙන් නීතිමය හා මූල්‍ය උපදේශකයින් සමග කටයුතු කරමින් සිටිනවා. නමුත් ඒ සම්බන්ධයෙන් කාලරාමුවක් ප්‍රකාශයට පත්කිරීමට අපහසුයි. මන්ද ණය පිළිබඳව තීරණයකට එළැඹීමට කාලයක් අවශ්‍යයි. විවිධ රටවල් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කාලසීමාවන්, ණය හිමියන් සම්බන්ධවන ආකාරය මත පදනම්ව එය වෙනස් වනවා.”

“ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් මට පැවසීමට ඇත්තේ ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක්. දළ දේශීය නිෂ්පාදිතයේ පහත වැටීමක් සිදුවුවත් මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව අප සලකනු ලබනවා. ඒ වගේම තමයි විස්තීරණ ණය පහසුකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාන්‍ය පහසුකමක් පමණයි, එය සහනදායී වැඩසටහනක් නොවේ.”

-adaderana-

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *