කහවත්ත නගරයේ පෞද්ගලික බැංකුවක් තුලට සුඛෝපභෝගී ජීප් රථයක් කඩා වැදීමෙන් අනතුරක්
සිදුව තිබෙනවා.
මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවටයි වාර්තා වන්නේ.
ජිප් රථය බැංකුව අසල මාර්ගයේ නතර කිරීමට උත්සාහ කිරීමේදී එය රියදුරාගේ පාලනයෙන්
ගිලිහී බැංකුව තුලට කඩාවැදී ඇති බව සඳහන්.
මෙම අනතුරින් අදාළ බැංකුවට දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.