විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු ජය වාර්තා කරන්නට නවසීලන්ත කණ්ඩායම අද (23) සමත් වුණේ පසුගියවර ශූරයින් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 89කින් පරාජය කරමින්.
සුපිරි 12 වටයේ පළමු තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ටේලියානු නයකයා පළමුව පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළා.
ඕස්ටේලියානු නයකයා ගත් තීරණයට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වන්නට නවසීලන්ත පිතිකරණ ලැයිස්තුව කටයුතු කළේ ඕස්ට්‍ර්ලියානු පන්දු යවන්නන්ට දැවැන්ත ප්‍රහාරයක් දියත් කරමින්.
නවසීලන්ත ආරම්භක පිතිකරු ෆින් ඇලන් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 16ක් තුළ වේගවත් ලකුණු 42ක් රැස් කිරීමට සමත් වුණා.
ඔහුට නොදැවෙනි ඉනිමක් දියත් කළ ආරම්භ පිතිකරු ඩෙවොන් කොන්වේ නවසීලන්ත ඉනිමේ නැංගුරම බවට පත්විමින් පන්දු 58කට නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 92ක්.
ඒ අනුව අවසානයේ නවසීලන්ත ලකුණු පුවරුව සටහන් වුනේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 200ක් ලෙසයි.
ලකුණු 201ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු මුල්පෙළ පිතිකරුවන් සියල්ල ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
පන්දු යැවීමේ දී ටීම් සවුති සහ මිචෙල් සැන්ට්නර් ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 03 බැගින් දවා ගත්තා.
ඒ අනුව ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව අවසානයේ දැක්වුණේ පන්දුවාර 17යි එක් පන්දුවක් තුළ සියල්ලන් දැවී ලකුණු 111ක් ලෙසයි.

නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්