Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආපදාවෙන් හානි වූ පාසල් ගොඩනගන්න නව වැඩපිළිවලක්

1 month ago

මෙරටට බලපෑ අයහපත් කාලගුණය හමුවේ ආපදාවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රතිෂ්ඨා නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කර තිබේ.

ඒ වගේම පාසල් පද්ධතිය යළි ගොඩනැගීමේ කාර්යයට ඕනෑම සංවිධානයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට දායක වන්නට හැකියාව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කරයි .

තවද එතුමා සදහන් කළේ මේ සදහා අවශ්‍ය සියලු සම්බන්ධීකරණයන් අධ්‍යාපන අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි .

ඒවගේම 1988 දුරකථන අංකයෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසිය හැකි බව ලේකම්වරයා සදහන් කර තිබේ .

ඒ සඳහා 07765 823 65 හා 071 99 323 25 යන WhatsApp අංක දෙකක්ද හඳුන්වා දී ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ ආපදා මෙහෙයුම් කමිටුව මගින් එම කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි.

අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ ආපදා තත්ත්වයෙන් දිවයින පුරා පාසල් 1506 කට අධික සංඛ්‍යාවකට හානි වී ඇති බවත් වැඩිම පාසල් සංඛ්‍යාවකට හානි වී ඇත්තේ උතුරු පළාතේ වන බවයි. 

එම පාසල් සංඛ්‍යාව 330 කි.

තවද   බස්නාහිර පළාත් පාසල් 266 කට, මධ්‍යම පළාතේ පාසල් 136 කට හා සබරගමුව පළාතේ පාසල් 115 කට මෙන්ම නැගෙනහිර පළාතේ හානියට පත් පාසල් සංඛ්‍යාව 221 කි

ඒවගේම වයඹ පළාතේද පාසල් 136 කට ඌව පළාතේද පාසල් 129 කට හානි සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *