සෞඛ්‍ය අමාත්‍යාංශය කරන සියලු ඉල්ලීම්වලට නිබඳව සහාය දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජි රාඕ පාණ්ඩව් පවසනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස හමුවූ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළා.
දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ජල ගැලීම් තත්ත්වය නිසා හානියට පත් වූ හලාවත දිස්ත්‍රික් මහ රෝහල, නුවරඑලිය මහ රෝහල සහ මහියංගනය මූලික රෝහලේ සෞඛ්‍ය සේවාවන් අදියරෙන් අදියර යථාවත් කිරීම පිළිබදවත්, ඊට අවශ්‍යවන සහයෝගය ලබාගැනීමත් අරමුණු කරගනිමින් මෙම හමුව පැවැත් වුණා.
හලාවත සහ නුවරඑළිය මහ රෝහල් දෙක මෙන්ම මහියංගනය මූලික රෝහල ජල ගැලීම සහ නාය යාම යන හේතුවලින් දැඩි හානියට පත්වූ බවත්, එම රෝහල්වල වෛද්‍ය උපකරණවලට ද ඒ හේතුවෙන් හානි වී තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයාට පවසා සිටියා.
එම රෝහල්වල සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අපිරිමිත කැපවීමෙන් මේ වන විට අදියරෙන් අදියර එම රෝහල්වල ප්‍රතිකාර සේවාවන් යථාවත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි