වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ප්‍රධාන වැව් 73න් ජලාශ 36ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 52කට ආසන්න ප්‍රමාණයක් ද වාන් දමමින් පවතින බවයි.
මෙම වාන් දැමීම මගින් ගංවතුර තත්ත්වයක් හෝ එවැනි තත්ත්වයකට ජලය නිදහස් වීමක් සිදුනොවන බවත් මේ හේතුවෙන් මහජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන බවත් ඔහු අදහස් දක්වමින් කියා සිටියා.
කෙසේ නමුත් ඉදිරි මෝසම් වැසි තත්ත්වයන් අනුව ගංගාවල ජල මට්ටම් වෙනස් වීමේ හැකියාව පවතින බවත් මේ හේතුවෙන් එම තත්ත්වයන් සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි